Colombo Today Local News

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වි‍ශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ගැබිනි මව්වරුන් වහාම කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතු බවය.

යම් හෙයකින් ගැබිනි මවකට කොරෝනා වෛරසය වැළඳුණහොත්, සාමාන්‍ය පුද්ගලයෙකුට වෛරසය වැළඳීම මෙන් නොව වැඩි සංකූලතාවලට මුහුණ දිය හැකි බව වි‍ශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළා ය.

මේ නිසා ගැබිනි මව්වරුන් රෝගයෙන් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පෙන්වා දුන් වෛද්‍යවරිය, ඒ සඳහා ගැබිනි මව්වරු කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතු බවත් පෙන්වා දුන්නා ය.

Related posts

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රටත් ඉවරයි, පාක්ෂිකයන්ටත් අබ සරණයි – රනිල්ගේ පුද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න

colombotoday

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

කාත්තන්කුඩියේ තවුහිත් ජමාත් පල්ලි කිසිවක් තවමත් පරික්ෂා කර නැහැ

colombotoday