Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

පාරිභෝගික කටයුතු සංශෝධන පනත එළඹෙන සඳුදා (06)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතුකිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බවය.

පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩ ගත කර තිබේ.

ඒ අනුව, තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ඇත.

සමාගමක උපරිම දඩය ලක්ෂ දෙකේ සිට කෝටිය දක්වාද ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තනි පුද්ගලයෙක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 1,000 රුපියල් 100,000 දක්වා ඉහළ දමා ඇති අතර සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් 500,000 දක්වාත් ඉහළ දමා තිබේ.

Related posts

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

අද ඩොලරයේ වටිනාකම

Admin

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday