Covid 19

කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්

දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් 1,002 දෙනෙකු සිටින බවය.

රජයේ සහ පෞද්ගලික රෝහල්වල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පවතින ඇඳන් ධාරිතාව 39,160 ක් බව ද ඔහු සඳහන් කළේ ය.

එම ඇඳන්වලින් 34,800ක මේ වනවිට රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවය.

වෙනත් රෝගාබාධවලට ලක්වූ රෝගීන් 40,353 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 14,154 දෙනෙකු මේ වනවිට නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

colombotoday

සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

colombotoday

කොවිඩ් ආසාදිතයින් 577 ක්

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday