Colombo Today Local News

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 259 කට අධික තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, නාවික හමුදාවේ සහාය ඇතිව බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.3කට අධික බව නාවික හමුදාව පවසයි.

පොලීසිය සඳහන් කළේ, එම හෙරොයින් තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(31)දින අලුයම අත්අඩංගුවට ගත් බවය.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත වැටලීම කළ බව පොලීසිය සඳහන් කළේ ය.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයක් බවට අනාවරණය වී තිබෙන බව පොලීසිය පවසයි.

මෙම වැටලීම සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලැබේ.

Related posts

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday