Colombo Today Local News

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

yasmin suka1නව රජය බලයට පත් වූ පසු ද සුදුවෑන් මගින් පැහැරගැනීම් හා දමිළ ජාතිකයින් කෲර වධහිංසාවලට ලක්කිරීම් සුපුරුදු පරිදි සිදුවන බව අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නී ය. සූකා යනු එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් යුද්ධයට පසු මෙරට මානව හිමිකම් කඩවීම් සොයා බැලීමට පත්කළ කමිටුවේ හිටපු සාමාජිකාවකි.වාර්තාව පවසා සිටින්නේ 2015 වසර තුළ දී ආරක්‍ෂක හමුදාවල නොයෙක් වධබන්ධනවලට ලක්වෙන ලදුව දැනට රටවල් හතරක වෙසෙන දමිළ පුද්ගලයින් 20 දෙනෙකු විසින් මේ සම්බන්ධව තමන්ට සාක්‍ෂි සපයා ඇති බව ය.

ඉහත වාර්තාව දුටු සැණින් අපගේ මතකයට ආවේ මහින්ද රාජපක්‍ෂ විසින් මෙවන් දෙයෙහි නිති නිරත වන බවට මහ හඬින් කෑ කෝගසමින් එවකට රනිල්-මෛත්‍රී යුවල බලයට ගෙන ඒමට වෙර දැරූ නානාප්‍රකාර පිරිස් ය. රාජපක්‍ෂට එරෙහි ව ජාතික හා අන්තර්ජාතික ව දියත් කළ වෛර ව්‍යාපෘථියේ ප්‍රමුඛතම ආකර්ෂණයක් වූයේ යස්මින් සූකා වැන්නන් විසින් නිරන්තරයෙන් නිකුත් කළ මෙවැනි මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා ය.

දැන් රාජපක්‍ෂ නැත. එසේ නම් මෙවැනි පැහැර ගැනීම් හා වධබන්ධනවලට අණ හා නායකත්වය දෙනු ලබන්නේ කවුරුන් විසින් ද? රාජපක්‍ෂගේ පුටුවේ දැන් සිටින මෛත්‍රීපාල විසින් ද? එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ විසින් ද? නැතිනම් මේ දෙදෙනාම විසින් ද? ආරක්‍ෂක හමුදා විසින් ද? නොඑසේනම් රජයට සම්බන්ධ නැති කණ්ඩායම් විසින් ද?

රනිල්-මෛත්‍රී දෙදෙන විසින් මෙවැනි දෙය තමන් විසින් නොකරන බව එකහෙළා පවසනු ඇත.ආරක්‍ෂක හමුදා විසින් ද මෙය ප්‍රතික්‍ෂේප කරනු නියත ය. අන් කිසිවෙකුත් මෙහි වගකීම බාරගනු ඇතැයි කිව නොහැකි ය.

අපගේ ප්‍රශ්න මේවා ය. දැන් කෙනෙකු විසින් රනිල්-මෛත්‍රීගේ මේවා බැහැර කරන ප්‍රකාශ සත්‍ය ලෙස පළිගන්නේ ද? අපි මදකට එසේ යැයි සිතමු. එසේ නම් මහින්ද රාජපක්‍ෂ විසින් මෙවැනි දෙය තමන් විසින් ද නොකළ බව කියන විට ඔවුන් රාජපක්‍ෂගේ එකී ප්‍රකාශය ද සත්‍ය බව පිළිගත යුතු ය. මන්ද රාජපක්‍ෂ කරන අයුරින් ම ය රනිල්-මෛත්‍රී ද මෙය බැහැර කරන්නේ. දෙකට ම ඇත්තේ එකම බරකි. මේ අතර, රාජපක්‍ෂ සමයේ වූවා සේ කෙ‍නෙකු සූකාගේ වාර්තාව සත්‍ය ලෙස පිළි ගන්නේ ද? මදකට අපි එසේ යැයි ද සිතමු. එසේ නම්, රනිල්-මෛත්‍රී විසින් තමන් දමිළයින්ට මෙවැනි වධහිංසා නොපමුණුවන බවට කරන ප්‍රකාශ ද සත්‍ය නොවන බව ඔවුන් පිළිගත යුතු ය. එනම්, රනිල්-මෛත්‍රී ද දමිළයින් පැහැරගෙන දරුණු වධහිංසාවලට පමුණුවති. එනම්, සූකලා එදා මහින්දට එරෙහි ව චෝදනා නගන විට පෙරළා එම වාර්තා මත සිට මහින්දට එරෙහිව නැගී සිටි පරිදි ම මොවුන් රනිල්-මෛත්‍රීට ද එරෙහි විය යුතු ය. දැන් ‘යහපාලන’ (වෙළඳ නාමයකි) අනුගාමිකයින් විසින් මේ තර්ක දෙකින් පිළිගැනීමට තෝරා ගන්නේ කුමන එක ද?. ඔවුන් පිළිගන්නේ සූකා පිළ ඇත්ත කියන බව ද එසේත් නැතිනම් රනිල් මෛත්‍රී පිළ ඇත්ත කියන බව ද? සූකා ඇත්ත කියන්නේ නම් රනිල්-මෛත්‍රී බොරු කියන්නේ ය. රනිල්-මෛත්‍රී ඇත්ත කියන්නේ නම් සූකා බොරු කියන්නේ ය.

– මහින්ද පතිරණ විසිණි

Related posts

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

colombotoday

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

colombotoday

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

අයවැය ප්‍රකාශය : රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට මිලියන 100ක්

Admin

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday