Colombo Today Local News

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27)දින පැවසුවාය.

රට වසා දැමුවත්, ජනතාව අනවශ්‍ය ආකාරයට සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරනවා නම් එය කොරෝනා පැතිරීමට අනුබලයක් වන බැවින් සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන ලෙසත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක් බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

රට පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නම් සියලු දෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවත්, තෝරා තෝරා නොඉඳ ලැබෙන වර්ගයක් එන්නත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරිය පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය. “තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා.

රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම්, මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.

Related posts

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

colombotoday