Colombo Today Local News

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කර තිබේ. රෝහල්වල පවතින ඖෂධ හිඟයපිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. 

මහරග මඅපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගින් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

Related posts

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

මහේස්ත්‍රාත්ට ඕල්මොරෝන්දන් – බාහු කියයි. නිතිය බල්ලට – සාගල මැදිහත්වෙයි

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday