Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ.

මෙරට කොවිඩ් වෛරසය ආරම්භයෙන් පසු ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පෙරේදා (25) 200 සීමාව පසු කළේය.

ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) දින තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 ක් වන අතර සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157කි.

මෙරටදී සිදුවූ සමස්ථ කොවිඩ් මරණ අතුරින් වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 60 වැඩි අයවලුන්ය.

ඉකුත් අගෝස්තු මස 16 වැනිදා සිට පෙරේදා (25) දක්වා දින 10ක කාලයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 894ක් වන අතර, එම කාලය තුළ දළවශයෙන් පැයකට කොරෝනා මරණ හතක් හෝ අටක් වශයෙන් සිදුවී ඇති බවට වාර්තාවලින් තහවුරු වී තිබේ.

කොරෝනා පළමු රැල්ලෙන් 13 දෙනකු, දෙවැනි රැල්ලෙන් 596 දෙනකු, සහ තුන්වැනි රැල්ලෙන් 7548 දනකු වශයෙන් අද (27)දිනය වන විට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් ලෙසින් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

Related posts

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

කොවිඩ් මෘත දේහ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

colombotoday

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

colombotoday

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

colombotoday

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday