Colombo Today Local News

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති කාලසීමාවෙන් නිසි ප්‍රතිඵල ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රට අගුළු දැමුව ද ජනතාව තම තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වල නිරත වන බවයි.

එමගින් රට තුළ ලොක්ඩවුන් රැල්ලක් ද ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා,

අපි මේ ලොක්ඩවුන් එක නම් කරන්නේ සප්‍රයිස් ලොක්ඩවුන් එකක් හැටියට. මේ සප්‍රයිස් ලොක්ඩවුන් ලබාදීමේ ක්‍රමයම වසංගත විද්‍යාවට විරුද්ධයි. තරු තෝරන තරගයක් විදිහට කුතුහලය උපරිම මට්ටමට ගෙන එකපාරටම කියනවා ඔන්න දැන් ලොක්ඩවුන් කියලා. එතකොට මහජනතාව මොකද කරන්නේ මේ ලොක්ඩවුන් කාලයේ ජීවිකාව රැකගන්න හිස්ලූ ලූ අත දුවනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට රෝගය පාලනය කරනවාට වඩා ලොක්ඩවුන් රැල්ලක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්.

Related posts

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

කොටි ඩයස්පොරාවේ 40ක් ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේ…. ලක් රජය සමුළුව වර්ජනය කරයි…

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා: ජර්මනිය තහනම් කල අන්සාර් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ අල් හික්මා පදනමටත් මුදල් දීලා.

colombotoday

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Admin