Colombo Today Local News

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

අද (20) කොළඹ නගරය පුරා පිහිටි ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඉන්දන හිඟයක් ඇතිවෙතැයි බියෙන් ජනතාව ඉන්දන ලබා ගැනීමට ඉන්දන පිරවුම්හල් අසලට එක්රොක් වී තිබෙනවා.

මෙම තත්වය ඇතිවුවේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉන්දන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ පණිවුඩයක් පිළිබඳව දේශපාලන නායකයින් සහ වෘතිය සමිති නායකයින් ඇතුළු සිවිල් සංවිධාන පිළිතුරු ලබාදීම හේතුවෙන් ජනතාව තුල අනිසි බියක් ඇති කිරීමයි.

මේ අතර Facebook සටහනක් තබමින් ඛනිජතෙල් හිඟයක් නැති බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින් විදේශ විනිමය අර්බූදය ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ තමන් බව අවස්ථා ගණනාවක දී පවසා ඇති බවත්, විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරු වලට පිලිතුරු දීමට සිදුවීම කනගාටුවක් බවත් එම සටහන මගින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday