Colombo Today Local News

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිටිමට හොංකොං රාජ්‍යය පියවර ගනී

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇත.

එය අද (20)දිනයේ සිට බලපැවත්වෙන පරිදි එහි පාලනාධිකාරිය මෙම පියවර ගන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පානාධිකාරියේ බලධාරීන් පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය , කාම්බෝජය , ප්‍රංශය ,ග්‍රීසිය ,ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවේ වෙති.

ලංකාව ඇතුළු මෙම රටවල් කොවිඩ් ඩෙල්ටා ප්‍ර‌භේදයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවත්, එම රටවල් වලින් ඉතාම කෙටි කාලයක් තුළ කොරෝනා ආසාදිත විශාල රොගීන් සංථ්‍යාවක්ද වාර්තා වීමත් සමග හොංකොං පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටි.

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday