Colombo Today Local News

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

අද (17) කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට පිටතින් විසිකරන ලද තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් 02ක් කාන්තා අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, එම තහනමි ද්‍රව්‍ය ඉතා සුක්ෂම අයුරින් කාන්තාවන් භාවිතා කරන සනිපාරක්ෂක තුවා තුලට ඇතුල් කර බන්ධනාගාරයේ ප්‍රධාන පවුරට ඉහලින් කාන්තා අංශයට විසිකර තිබියදි අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙි ආකාරයෙන් දෛනිකව කලුතර බන්ධනාගාරය තුලට පිටතින් තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසිකිරිම පිටස්තර පුද්ගලයින් විසින් සිදුකරන අතර බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් ක්ෂේත්‍ර සේවා නිලධාරීන් හා කාන්තා නිලධාරීන්ගේ විමසිලිමත් භාවය හා රාජකාරි කටයුතුවල යෙදි සිටියදි තම රාජකාරි කටයුතුවලට දක්වන කැපවීම මත මෙම තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් වැඩි ප්‍රමාණයක් නේවාසිකයන් අතට නොයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

පාර්සල් දෙක තුල තිබි ජංගම දුරකතන 03 ක් අත්අඩංගුවට ගත් අතර එම තහනමි ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කර ඇත.

Related posts

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday