Colombo Today Local News

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

වැල්වැටිතුරේදී රුපියල් මිලියන 50 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 126 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, අද (14) උදෑසන වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී වෙරළ ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් නවික හමුදාව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි.

එහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී නාවික හමුදාව මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැබ් රථය ද සිය භාරයට ගෙන තිබේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 පොලිතින් උර තුනක පාර්සල් 60 ක් ලෙස අසුරා තිබී ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 330ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස පාර්සල් තුනක් වශයෙන් ප්ලාස්ටික් ඇසුරුමක අසුරා තිබී ඇත.

නාවික හමුදාව පැවසුවේ, සිය භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි.

පසුව මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ කැබ් රථය වැල්වැටිතුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පැවසී ය.

Related posts

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

Admin