Colombo Today Local News

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක නිසා පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

මෙම සති දෙක ඇතුළත විවාහ මංගල්‍ය උත්සව අවමංගල්‍ය උත්සවය මෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන වැනි වැඩිපුර කොවිඩ් වෛරසය ආසාදනය විය හැකි ස්ථාන පවත්වාගෙන යාමට ඉඩ ලබානොදිය යුතු බවට ද ඔහු අවධාරණය කරයි.

ඔහු ප්‍රකාශ කළේ මොනයම් හෝ හේතුවකට රට ලොක්ඩවුන් එකකට පත්නොකරනවා නම් රට ලොකප් කළ යුතු බවය.

මෙම සති දෙක තුළ ජනතාව පාරට නොබැස කටයුතු කළ යුතු බවත් රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වීමේ කාලය ඇතුළත කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

Related posts

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

“හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ. මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක්”

colombotoday

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

colombotoday

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

colombotoday

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday