Colombo Today Local News

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

පළාත් අතර සංචරණ සීමා යළිත් දැඩි කිරීමට ගත් තීරණයත් සමග අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවාවල අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක්, ගමන් ගන්නා පුද්ගලයින් පමණක් ප්‍රවාහනයට සැලසුම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන සහ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කර ඇති බවය.

ඒ අනුව, දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන පිට පළාත්වල මගීන් තම සේවා හැඳුනුම්පත දුම්රිය බලධාරීන්ට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.

පොලීසිය සමග ඒකාබද්ධ ඒ සම්බන්ධ පරීක්ෂා කිරීම් සිදු කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, අන්තර් පළාත් බස්රථවල අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් සඳහා පමණක් පහසුකම් සලසන්නැයි උපදෙස් දී ඇති බවයි.

පළාත් මයිම්වලදී බස් රථ පොලීසිය විසින් පරීක්ෂා කර අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා යන පුද්ගලයින් යළි හරවා යැවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වනවිට දෛනික දුම්රිය ගමන්වාර 130ක් ක්‍රියාත්මක වන අතර අන්තර් පළාත් බස් ගමන්වාර 1500කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

Related posts

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

“දෙවියන්ට හොදින් කන් ඇහෙනවා… ලවුඩ්ස්පීකර් හඩ අඩු කරන්න“ – විනිසුරු ඉලන්චේලියන්ගෙන් තීන්දුවක්

colombotoday