Colombo Today Local News

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බලකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මිස මළමිනී මතින් බලයට එන්නට නොවන බව කී විජයවර්ධන මහතා හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා උත්තර නොදී රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් දැන්වත් බුද්ධිමත්ව සිතා කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

colombotoday

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin