Colombo Today Local News

වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් සොරකම් කල ගුවන් හමුදා සැරයන්වරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය සොරා ගත් බවට සැක කරන ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගුවන් හමුදා විනය අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ බවයි.

සොරාගත් ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 70 ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා ගල් වැඩපළවලට විකුණා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Related posts

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin