Colombo Today Local News

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප 500 ක් පමණ මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.

සැකකරු ව්‍යාජ ගිණුම් 02 ක් භාවිත කර දිනපතා එම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එකතු කරන බවට වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පුද්ලයෙකු වන අතර ඔහු අද (07)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday