Colombo Today Local News

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මේ අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට මීට පෙර වාර්තා වී තිබුණි.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට පෙර ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබූ අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමන්ට ද කොවිඩ් වෛරසය වැලඳී ඇති බවය.

Related posts

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදියි.මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා. ගම්මන්පිල

colombotoday