World

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

සන්නද්ධ කණ්ඩායමක් විසින් පැනමා ධජය සහිත නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සන්නද්ධ කණ්ඩායම එම්.වී. ඇස්ෆෝල්ට් ප්‍රින්සස් නැමති එම නෞකාවේ කාර්ය මණ්ඩලයට, ඉරානය බලා නෞකාව යාත්‍රා කරන ලෙස නියෝග කර ඇති බවයි.

නෞකාව පැහැරගෙන ඇත්තේ කවුරුන් ද යන්න තවම නිශ්චිතව කිව නොහැකි නමුත් ඉරාන හමුදාව එය පැහැරගන්නට ඇතැයි නාවික නිරීක්ෂක සංවිධානයක් සැක පළ කළ ද ඉරාන හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නෞකාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කරමින් තිබියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම සිදුවන්නේ ඊශ්‍රායලයට අයත් තෙල් නැවකට ඕමානයේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී සතියකටත් අඩු කාලයකදී ය.

එම ප්‍රහාරයෙන් නෞකාවේ සිතී බ්‍රිතාන්‍ය සහ රුමේනියානු ආරක්ෂක භටයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

Related posts

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin