Colombo Today Local News

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඊයෙ(3) සංවිධානය කළ විරෝධතාවයේදී මහජන සාමය සහ ආරක්ෂාව උදෙසා කටයුතු කළ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාගේ ඇඟිලි දෙකක් අහිමි වී රෝහල් ගත කරන ලදී.

තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට ගොස් අනතුරට පත්වූ එම නිලධාරියාගේ සුවදුක් විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඔහු ප්‍රතිකාර ලබන රෝහලට අද (4) දින පැමිණෙන ලදි.

මෙහිදී රාජකාරි නිසි පරිදි ඉටු කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රශංසා කළ අතර ඔහුට වූ අනතුර පිළිබඳව ශෝකය සහ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට සියලු පියවර ගන්නා බව ද පැවසීය.

Related posts

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

Admin

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

ඉන්දියාවට පනින්න ගිය රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday