Colombo Today Local News

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකියි – ජනපති

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .

ගුරුවරුන්ගේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

කොරෝනා අර්බුදය මැද වුවද රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වේලාවට ගෙවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ගුරුවරුන් ද සිය වගකීම ඉටු කළ යුතු යැයි සඳහන් කර ඇත .

Related posts

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday