Colombo Today Local News

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

කහටගස්දිගිලියේ කුකුලෑව ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

එලෙස මිය ගිය කාන්තාව සිටි ස්ථානයට නුදුරින් ඇති ගසක සැකකරු ගෙල වැළලාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වු කාන්තාවක් සහ අවුරුදු 46ක් වු පුද්ගලයෙක්.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර මියයන විට වෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කහටගස්දිගිලිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

කොළඹ වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා- අගමැති

colombotoday

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

colombotoday

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday