Colombo Today Local News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය අද (30) උදෑසන සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවය.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

බදු වංචාකළ බව එටිසලාට් පිළිගනී.. “සූරා කෑ මුදල් පාරිභෝගිකයන්ට ගෙවනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin