Colombo Today Local News

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි දැරියගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද (30)දින ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ඒ පෙරේදා ඒ සඳහා නම් කෙරුණු විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ල ඉදිරියේයි.

එම මණ්ඩලය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා , කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන මහත්ම , මහත්මීන්ගෙන් සමන්විත ය.

දැරියගේ දේහය ඩයගම සුසාන භූමියේ මිහිදන් කර ඇති අතර ඊට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.

මේ අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළේ, දැරියගේ දේහය ගොඩගෙන පේරාදේණිය රෝහලට ගෙන ගොස් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි.

Related posts

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

Admin

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

colombotoday