Colombo Today Local News

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන්ය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27)දින රැස්වුණු අතර මෙම කමිටුව පත්කිරීමට තීරණය ගෙන ඇත්තේ එහිදීය.

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් සිවිල් සංවිධාන 155කින් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශවවලට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.

Related posts

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday