Colombo Today Local News

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 – 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් ක‌ළේ ය.

Related posts

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

යෝෂිත FCIDයට

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin