Colombo Today Local News

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන එම තරුණියගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday