Colombo Today Sports News

නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ඒ පසුගිය 20 වැනිදා ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.

ඒ අනුව සියලු ක්‍රීඩකයින් තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇත.

මෙම වරද හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් අහිමිවී ඇත.

Related posts

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

දියාරු පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකාවට යලිත් අන්ත පරාජයක්

colombotoday

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

colombotoday