Colombo Today Local News

බොරැල්ල පොලිසිය ගැන විශ්වාසයක් නෑ. ළමයි වැඩට ගෙනියන බ්‍රෝකර්ලාට ගහලා පන්නන්න. – රිෂාඩ්ගේ නිවසේ පිච්චුනු දැරිය වතුකරය රත් කරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහාතාගේ කොළඹ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙස බලකරමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය (21) දින හැටන් නගර මධ්‍යයේදි උද්ඝෝෂනයක නිරත විය.

දමිල ප්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ පා.ම පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂනය පැවැත්විණ.

දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් පැවැත් වු උද්ඝෝෂනයට නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ පා.ම එස්.උදයකුමාර් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ දමිල ප්‍රගතිශිලි සන්ධානය නියෝජනය කරන පලාත් පාලන ආයතන වල මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිහ.
මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවිම වරදක් බවත්, එවන් දැරියක් අපයෝජනය කිරිමද දැඩි සේ හෙලා දකින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් සිදු කරන පරික්ෂණ සම්බන්ධයෙන් තමන් සැහිමකට පත් නොවන නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස දමිල ප්‍රගතශිලි සන්ධානය අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් කල බවයි.

තවද වතු ආශ්‍රිත ප්‍රදේශවල තම දරුවන් මෙහෙකාර සේවයේ යෙදවිමට කටයුතු නොකරන ලෙසටත්,ඉල්ලා සිටින පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ බාල වයස්කාර දැරිය මෙහෙකාර සේවයේ යොදාගත් අයගේ තරාතිරම නොබලා නිතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි.

වතු ආශ්‍රිත ජනතාව දැඩි ආර්ථික අපහසුතා මැද ජිවත් වන නිසා ඔහුන්ගේ දරුවන් මෙහෙකාර සේවයට යැවිමට කටයුතු කරන බවත්, එම නිසා වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට රජය කටයුතු කලයුතු බව පලනි දිගම්බරම් මහතා කියා සිටියි.

ඉදිරියේදි මෙවැනි සිදුවිම් සිදු නොවිමට රජය වග බලාගත යුතු බවද පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin