Colombo Today Local News

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

school netසියලු සැලසුම් සකස්‌ කර ඇතත් පාසල්වලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළ දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ නමුත් එම කොමිෂන් සභාවේ ජාතික අධිවේගී අන්තර්ජාල ව්‍යාපෘතියේ ප්‍රධානී සනත් සිරිවර්ධන මහතා එම තනතුරින් ඉවත් කිරීම මෙම අවුල් සහගත තත්ත්වයට හේතු වී ඇත.

පාසල්වලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමේ සියලු සැලසුම් සකස්‌ කළේ සිරිවර්ධන මහතා ය. ඒ මහතාගේ සේවය අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුලසේන මහතා ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලිත දැනුම් දීමක්‌ කර තිබිණි.

දැනට පාසල් අතලොස්‌සකට පමණක්‌ ලබා දී ඇති 128 Kbps අන්තර්ජාල සේවාව වෙනුවට නවීන තාක්‍ෂණයෙන් පණ ගැන් වූ 10Mbps සිට 100Mbps දක්‌වා වූ වේගයෙන් යුත් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට සියලු සැලසුම් සකස්‌ කර තිබිණි.

පාසල්වලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය විදුහලෙන් මෙම මාසයේදී ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබිණි.

– දිවයින

Related posts

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

“ලියුමේ තිබ්බ මතයේ අදටත් ඉන්නවා.” – ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කිවූ සාගර කාරියවසම් අදත් තප්පුලයි

colombotoday

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

colombotoday