World

චීනයේ ඔත්තු බලන නෞකාවක් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

රටවල් 11 සහභාගිත්වයෙන්, පැවැත්වෙන තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීමට පැමිණි චීන නෞකාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔත්තු බැලීම⁣ට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත අදාළ චීන නෞකාව අන්තර්ජාතික මුහුදේ තස්මේනියාවට ආසන්න ප්‍රදේශයට පැමිණ ඇති බවයි.

එම නෞකාව සහ එහි කටයුතු පිළිබදව තමන් පුලුල් ලෙස අවධානය යොමු කර නිරීක්ෂණ සිදුකරන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කරයි.

වාර්ෂිකව ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව එක්ව තස්මේනියාවට නුදුරැ මුහුදේ සිදුකරන තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් මෙවර සමස්ත ලෝකයේම විශේෂ අවධානයක් යොමුව තිබේ.

ඒ අදාළ රටවල් දෙකට අමතරව තවත් රටවල් නවයක් විවිධාකාරයෙන් ඊට සම්බන්ධවීම හේතුවෙන්.

කැනඩාව ,බ්‍රිතාන්‍යය,නවසීලන්තය,දකුණු කොරියාව, සහ ජපානය යන රටවල හමුදා මෙවර යුද අභ්‍යාසයට එක්ව සිටි.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලධාරීන් සදහන් කළේ ඉන්දියාව,ඉන්දුනීසියාව,ජර්මනිය සහ ප්‍රංශයේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ද මෙවර යුද අභ්‍යාසයට නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ වන බවයි.

මෙි හේතුවෙන්, මෙවර තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය ඉන්දු පැසිෆික් කලාපයේ දේශපාලන උණුසුම ඉහළ නංවන තත්වයක් මතු කර ඇති බව විදෙස් නිරීක්ෂකයන් සදහන් කරයි.

Related posts

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

ලව් ජිහාඩ් නීතිය මධ්‍ය ප්‍රදේශයටත්. | ආදරයට මුවා වී ඉස්ලාම් ආගමට හැරවීමට උත්සාහ ගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday