Colombo Today Local News

කොරෝනා වෛරසය හෙම්බිරිසාවට සමානයි. – මහාචාර්ය තිස්ස විතාරණ කියයි

රටේ සෑමදෙනාටම කොවිඩ් එන්නත ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව වෛරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

රටේ 80%කට වැඩි ප්‍රමාණයකට මෙම වෛරසයේ බලපෑම ඉතාම අඩු බැවින් දියවැඩියාව, අධික රුධිර පීඩනය ,හෘදයාබාධ යනාදී නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට සහ වයස 60ට වැඩි ජනතාවට පමණක් එන්නත ලබාදීම ප්‍රමාණවත් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

කොරෝනා වෛරසය හෙම්බිරිසාවට සමාන බවත් එය වැළඳෙන පිරිසට ප්‍රතිශක්තිය ඉබේම හට ගන්නා බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව රටේ සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීම මුදල් නාස්ති වන වැඩක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රටක් හැටියට ගත් කල ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතාම අඩු අගයක බවත් එය සියයට 1.5 ක පමණ අගයක් ගන්නා බවත් මහාචාර්යවරයා සඳහන් කරයි

Related posts

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday