Colombo Today Local News

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටි.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

ඒ අනුව, පිටකෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද, මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී ඔහුගේ මුරපදය වෙනස් කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමග විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

Admin

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් අද දිවයිනට

colombotoday