Covid 19

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 24ක් රට තුළ | දිවයින පුරා තවත් අහඹු පරීක්ෂණ

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 24 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මීට පෙර 14 දෙනෙකු හඳුනාගත් බවයි.

පසුව රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට ම පිළිපැදිය යුතු බවයි.

මේ අතර ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පල 96 ක් යොදාගෙන මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සාම්පල අහඹු ලෙස ලබාගෙන තිබේ.

තම අධ්‍යයන අංශය ඇරඹූ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව සතියකින් පමණ නිකුත් කිරිමට හැකි වෙතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Related posts

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday