World

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් දහසකට අධික පිරිසක් අසල්වැසි තජිකිස්තානයට පළාගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු හමුදා ඉවත් වූ උතුරැ දිග ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක ගණනාවක බලය තහවුරැ කර ගැනීමට තලේබාන් සංවිධානය සමත්ව ඇති බවයි.

එහිදී තලේබාන් සංවිධානයේ ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් 1037 දෙනෙකු තම රට වෙත පිවිසි බවත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව තහවුරැ කිරීම කටයුතු කළ බවත් තජිකිස්තානය ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේය.

මේ අතර තම හමුදා මෙම ප්‍රදේශවල බලය යළි අල්ලා ගැනීම සදහා මෙහෙයුම් සැලසුම් කරමින් ඇතැයි ඇෆ්ගනිස්තාන ජාතික ආරක්ෂක උපදේශක හම්දුල්ලා මොහීබ් සදහන් කරයි.

පවතින තත්වය හමුවේ ඇතිවිය හැකි සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය යොමුව තිබේ.

ඇෆ්ගනිස්තානයෙන් පළා එන සරණාගතයන් රදවා ගැනීම පිළිබද ඇමරිකාව අසල්වැසි තජිකිස්තානය, කසකස්තානය සහ උස්බෙකිස්තානය සමග සාකච්ඡා කර ඇතැයි සදහන්.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැදී සිටි කාලසීමාවේදී ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ පනස් දහසක පමණ පිරිසකට ඇමරිකාවේ නිත්‍ය රැකවරණය ලබාදෙන තුරැ මෙම රටවල තාවකාලිකව රදවා තැබීමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

Related posts

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday