Colombo Today Local News

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වලින් මූලිකව තෝරාගන්නා ලද පවුල් පන්සියයක් (500) කාබනික පොහොර භාවිතයට යොමු කරමින් කුඩා පරිමාණ ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන දිස්ත්‍රික් වශයෙන් තෝරා ගන්නා ලද ඒ සඳහා කැමැත්තක් දක්වන සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට නියමිතව ඇත.

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල්වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන 79 දෙනෙකු කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පල කර ඇත.

රණව්රු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේදී පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගිවීමට ඉන් පිරිසකට අවස්ථාව හිමිවන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම සංකල්පයට අනුව කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් විශ්‍රාමික රණවිරු ප්‍රජාව යොමුකිරීමේ වැඩපිළිවෙළ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ රණවිරු සේවා අධිකාරියයි.

මෙම මූලික දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩ සටහනේදී මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ හා ලංකා බයෝ පොහොර සමාගාමේ නිලධාරීන් විසින් අඩු කාලසීමාවක් තුල කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරන පිළිවෙල සම්බන්ධයෙන් වැඩසටහනට සහභාගි වූ සාමාජිකයන් දැනුවත් කරන ලදී.

Related posts

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී සිකුරාදා දින යාඥ්ඥාව පැවැත්වූ 7ක් අත්අඩංගුවට

colombotoday

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

colombotoday

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක්

colombotoday