Colombo Today Local News

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03)දින පෙරවරුවේ අවසන් කෙරුණි.

මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව පසුගිය පළමුවැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.

ඒ හෙද නිලධාරින්ගේ උසස්වීම්, දින 6ක සේවා සතිය වෙනුවට රජයේ සෙසු සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

මේ හේතුවෙන් රෝහල්වල කටයුතු පසුගිය දින දෙක තුළ අඩාලව විය.

අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, සෞඛ්‍ය බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තේය.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන පුණ්‍ය මහෝත්සවය සජීවීව

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේ

colombotoday

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Admin

ගෝඨාට ජනාධිපති වෙන්න ලැබෙන්න. නවීන් දිසානායක සුභ පතයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday