Colombo Today Local News

ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 300 කට ටැබ් යන්ත්‍ර

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමි ක්‍රියාකාරකම් සාර්ථක ව පවත්වාගෙන යාම සඳහා මේ දිනවල අත්‍යවශ්‍ය වන අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිවයින පුරා මාර්ගගත අධ්‍යාපනය ලබන බොහෝදෙනාට එම ගැටලුව පැන නැගී තිබෙන අතර ඒ සඳහා දැනට දුරකථන සංඥා ආවරණය හොඳින් ලැබෙන ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඊ – තක්සලාව මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර දුරකථන සංඥා දුර්වල පිරිවෙන්වල භික්ෂූන්වහන්සේලා හා සිසුන් ඒ සදහා යොමු කර මාර්ගගත අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Related posts

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

colombotoday