Colombo Today Local News

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

මෙරටට නීති විරෝධීව ගෙන්වූ රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් ගිතෙල් කිලෝ 1500 ක් ශ්‍රී ලංකා රේගු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය අද (29)දින අත්අඩගුවට ගෙන තිබේ.

මේ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදන්ත ද සිල්වා මහතා පැවසීය.

පුජා භාණ්ඩ බව සඳහන් කරමින් ඉන්දියාවේ කට්ටුපල්ලි වරායේ සිට ආනයන කළ අඩි 20 බහලුමක දීපම් තෙල් ලෙස සටහන් කළ කෑන් 100 ක් ලෙස ඉතා සූක්ෂ්මව මෙම ගිතෙල් තොගය සඟවා රැගෙනවිත් ඇත.

එහි වෙළඳපොළ වටිනාකම රු. 2,842,500 ක් වන අතර එම බහලුම රේගුවෙන් නිදහස් කළේ නම් රජයට රු.1,320,000 ආදායමක් අහිමිවන බව රේගුව ප්‍රකාශ කරයි.

කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එය ගෙන්වා ඇති අතර ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගුවේ ආර්.සී.ටී. බහාලුම් පරීක්ෂණ අංගනයේදී පරීක්ෂාවට ලක්කිරීමේ දී මෙම ගිතෙල් තොගය සොයා ගෙන ඇත.

Related posts

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

අඟුලාන උණුසුම් වෙයි.. ධීවර ඝාතන පරීක්ෂණ CIDයට

colombotoday

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday