World

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

වෛරස් ප්‍රහාරවලින් පරිඝනක බේරාගැනීම සඳහා මෘදුකාංගයක් නිපදවූ ජෝන් මැකාෆී ස්‌පාඤ්ඤයේ බාර්සිලොනා නගරයේ සිර මැදිරියකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ සිරුර සිර මැදිරියක් තුළ තිබියදී හමුවී ඇතිබව වාර්තා වේ.

ආදායම් බදු නොගෙවූ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අමෙරිකාවට පිටුවහල් කිරීමට එරට අධිකරණයක් තීන්දු කළ අතර ඔහුගේ සිරුර හමුවී ඇත්තේ එම තීන්දුව ලබාදී පැය කිහිපයකට පසුව බව සඳහන් වේ.

ඔහු සියදිවි නසාගෙන ඇති බවට වෛද්‍යවරු තීරණය කර තිබුණි.

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ ජෝන් මැකාෆී, පරිඝනක වෛරසවලට එරෙහි ව නිපදවූ මෘදුකාංගය හේතුවෙන් කෙටිකලක් තුළ ධනවතෙක් බවට පත්වූ අතර පසුව ඔහු එම සමාගම ඩොලර් බිලියන 7.6කට ඉන්ටෙල් සමාගමට විකිණීය.

Related posts

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin