Colombo Today Local News

ථෙරවාද හෝ මහායාන නොවන ආගමික සංස්කෘතියක් සෑදීමට රතන හිමි යයි. | මහන වෙලා එන්න පැරණි හිතවතුන් කියයි.

කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා ගැනීමට අතුරලියේ රතන හිමි තම සංවිධානය සමග සකච්ඡා පැවැත්වූ බවත් එහිදී ථෙරවාද හෝ මහායාන නොවන ආගමික සංස්කෘතියක් සෑදීමට ද රතන හිමි ගේ බලාපොරොත්තුවක් තිබෙන බව පවසමින් ඒ පිළිබඳව ද සකච්ඡා කල බව පහත රට තේ වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා Colombo Today වෙත පැවසීය.

එහිදී, රතන හිමි දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය එහි සැබෑ හිමි කරුවා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දෙන්නේ කවදාද යන්න විමසු බවත් නඩු දැම්මත් මන්ත්‍රී ධූරයෙන් තමන් ඉවත් නොවන බව රතන හිමියන් පැවසූ බවත් ගාල්ලගේ මහතා සඳහන් කරන ලදි.

කෙසේ වෙතත් අතුරලියේ රතන හිමියන්ගේ අවංක භාවය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවත් ගිහියන් භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කිරීම නොකළයුතු වුවද උන්වහන්සේගේ ක්‍රියා කලාපය භික්ෂුන් වහන්සේ නමකට නොගැලපෙන බැවින් මුලින්ම රතන හිමියන් ජාතික දේශපාලනයට පැමිණි අවස්ථාව මතක් කර බලා යලි මහන වී පැමිණිය යුතු වීමේ අවශ්‍යතාවයක් තමන්ට දැනෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

colombotoday

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා – කතානායක මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ නිවේදනය

colombotoday