Colombo Today Local News

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සබාපති ලෙස රූමී නමැති මුස්ලිම් ජාතිකයෙක් පත් කර ඇත. රුසියාවේ අධ්‍යාපනය ලබා ඇති රූමී යුධ සමයේදී කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් ශිෂ්‍යයන් ලෙස විශාල වශයෙන් මුදල් ලබාගෙන රුසියාවට යවා ඇත. මොහු මෙසේ යවන පුද්ගලයන් දේශපාලන සරණාගතයන් ලෙස යුරෝපයට යැවීමේ ජාවාරමක කොටස් කරුවෙකු බවද සැලකේ.

පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා සමග සම්බන්ද වී ඇති මෙම පුද්ගලයා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පවුලේ හිතවතකු බවට පත්වී ඇත. විශේෂයෙන්ම ඇමතිවරයාගේ බිරිද සමග සමීප ඇසුරක් පවත්වා ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මෙම පත්වීම ලැබී ඇත.

දේශපාලන ක්ෂේත්‍රයේ මිස්ටර් ටෙන් පර්සන් (Mr. 10%) ලෙස කුප්‍රකට පුද්ගලයා වන්නේද මෙම රුමී නැමැත්තායි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කිසිම ගනුදෙනුවක් 10% ක කප්පමක් ලබානොගෙන සිදු නොකිරීම මෙම නම පටබදීමට හේතුව වී ඇත.

රාජිත සේනාරත්න මහතාගේ සමීපතම පුද්ගලයන් පවා මොහුගේ ක්‍රියාකලාපය පිලිබදව සිත්තැවුලෙන් සිටින බවත් කට නිසා සවුත්තුවී සිටින රාජිත ඇමතිවරයාගේ යට ඇදුම් පවා මිස්ටර් 10% නිසා ගැලවී යනු ඇතැයි ඇමතිවරයාගේ සමීපතමයෙක් ColomboToday.com වෙත ප්‍රකාශකර සිටියා…

Related posts

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday