ඉපැරණි යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ තිබී සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසයි.
වයඹ දිග චීනයේ ගන්සු පළාතේ තිබී මේවා සොයා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීට වසර මිලියන 27 කට පමණ පෙර ජීවත් වූ මෙම යෝධ රයිනෝ විශේෂයේ බර ටොන් 21 ක් වන අතර එය විශාල අප්‍රිකානු අලි හතරකට සමාන බව පර්යේෂකයන් අදහස් පළකරයි.
මෙලෙස හමුවූ පොසිල හරහා වෙනත් කාල වකවානුවල සොයා ගෙන තිබූ යෝධ රයිනෝවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව විශේෂයක් වෙත අධ්‍යයන නැඹුරු කරන බව පර්යේෂකයන්ගේ මතය වේ.