Colombo Today Local NewsUncategorized

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

රජයේ ඇමතිවරු භාවිත කරන්නේ, අවුරුදු 10 ක් පමණ පරණ වාහන බව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඊයේ (14)දින කෙරවලපිටියේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනතාව සිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන ඇමතිවරුන් සන්තකයේ නොමැති බවයි.

ඔහු සඳහන් කළේ, සෑම අවස්ථාවකදීම පත්වන ඇමතිවරයාට ලැබෙන්නේ, කලින් හිටපු ඇමතිවරයා නොව ඊටත් පෙර සිටි ඇමතිවරයා පාවිච්චි කළ වාහන බවයි.

වාහන බලාපොරොත්තුවෙන් තමා බලයට නොපැමිණි බවත් ඇමතිවරයෙකු ලෙස තමාට වාහන 3ක අයිතිය ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, සෑම අවස්ථාවකදීම දේශපාලනඥයා දෙස වෛරයෙන් නොබලන ලෙසයි.

”මිනිස්සුන්ට අමාරුවක් වුණාම දේශපාලනඥයින්ගෙනේ ආධාර බලාපොරොත්තු වෙනවා. දේශපාලනඥයට කියනවා පඩිය වත් ගන්න එලා කියලා. ඒවා සාධාරණ ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.”

ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බවත් ඇතැම් අහිංක , පිරිසිදු දේශපාලනඥයින්ට ඇඟිල්ල හෝ දිගු කිරීම ආසාධරණ බවත් ඔහු අවධාරණය කර සිටියේ ය.

”සමහර දේශපාලනඥයින්ට ඇගිල්ලවත් දිගු කරන එක අසාධාරණයි.. ඒ තරම් අහිංසකයි පිරිසිදු මිනිස්සු එවැනි දේශපාලනඥයින්ට රජයෙන් යම් දෙයක් ලැබෙනවා නම්, තමන්ගේ වැඩ කටයුතු කරන්නට මං හිතන්නේ ඒකට ක්‍රෝධයෙන් වෛරයෙන් කතා කරන එක හරි නෑ . මම දවසට කිලෝ මීටර් 100ක් විතර දුවනවා”

රජයෙන් තමාට දුන් වාහන 3න් දෙකක්ම මේ වනවිට අබලන් වී ඇති බවත් මේ වනවිට තමන් භාවිත කරන්නේ, පෞද්ගලික වාහන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතු බවයි.

Related posts

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin