Colombo Today Local News

ටෝකන් පතට එන්නත් දෙන්න ගිය මොරටුව නගරාධිපතිට ඇප

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ.

‍පසුගිය මැයි 28 වන දා මොරටුව නගරාධිපතිවරයා අත්අඩංගුවට පත් වූයේ, මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර නගරාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඇති ග්‍රාමීය කමිටුව නිකුත් කළ ටෝකන් පතට එන්නත් ලබාදෙන ලෙස වෛද්‍යවරුන්ට බල කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහි සිටි වෛද්‍යවරුන් ඊට එකඟ නොවූ අතර එහිදී නගරාධිපතිවරයා ඒහිදී කියා සිටියේ, එන්නත් ලබා නොදෙන්නේ නම්, පිටව යන ලෙසයි.

මෙම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබූ අතර පසුව ඔහු පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ.

Related posts

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

colombotoday

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday