Colombo Today Local News

වරායෙන් නිදහස් කර නොගත් හා රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

වරායෙන් නිදහස් කරගනු නොලබන හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

එවැනි ආහාර ද්‍රව්‍ය රාජසන්තක කිරීමෙන් පසුව නරක් වී යන බැවින් නීතිමය ප්‍රතිපාදන තුළ එම ද්‍රව්‍ය සතොස සමාගමට ලබා දී කොවිඩ් -19 වසංගතයට මුහුණ දී සිටින ජනතාවට යම් සහනයක් ලබා දීමට මේ තුළින් හැකි වන බව අද (08)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

ඒ අනුව එම ආහාර ද්‍රව්‍ය සහන මිලට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් මෙලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

Related posts

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday