Colombo Today Local News

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය .

ඔහුගේ ඉල්ලීම අනුව අවශ්‍ය පහසුකම් සලසා දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තුවට රැගෙන එඑන්නැයිද වේත්‍රධාරිවරයා දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බදියුදීන් පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැගෙන එනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු පිවිසුමේදී පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන්ට බාර දිය යුතු බවත් එතැන් සිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඔහු රැගෙන එනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවත් වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදියුදීන් මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලටද වේත්‍රධාරී වරයාගේ දැනුම්දීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රැගෙන එනු ලැබීය.

මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් පදනම් කරගෙනය.

Related posts

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

colombotoday

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීමට අනුමැතිය

Admin

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday