Colombo Today Local News

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක්
ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි කී ජයසුමන මහතා ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද පැවසුවේය.

මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කොරෝනා එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි මහාචාර්යවරයා කීය.

Related posts

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

කිළිනොච්චියේදී මිලේච්ඡයෝ දුර්ලභගනයේ දිවියෙකු මරා දමමින් කළ අහස පොළව නුහුලන අපරාධය

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday