Colombo Today Local News

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

සිනොපාර්ම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මෙම සියළුම එන්නත් ලැබෙන ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙරටේ එන්නත අවශ්‍ය සියලු දෙනාටම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජයසුමන මහතා පැවසුවේය.

Related posts

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

සන්ධානයේ හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි

Admin

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

යහ­පත් සමා­ජ­යක් බිහි කිරී­මට නම් අය­හ­පත් ක්‍රියා නැවැ­ත්විය යුතුයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති සරත් වීර­සේ­කර

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday